කේවට්ටයා

කොහොම කොහොම හරි ඉබ්බත් සුදු කලිසං අඳින්න පටං ගත්තා. ඉබ්බලගේ 10, 11 වසර භාරව හිටපු සර් හරිම හොඳයි. සිංහල සාහිත්‍ය උගන්වන්න අති දක්ෂයි. පරණතාලෙ සර් කෙනෙක්. සර්ට කවුරුත් කිව්වෙ කේවට්ටයා කියලා(මතකනේ, ඒ දවස් වල සාහිත්‍ය පොතේ තිබුන උම්මග්ග ජාතකේ කේවට්ටයා). ඉතිං ඉබ්බන්ගේ ජ්‍යේෂ්ඨ සහෝදරයෝ සර්ට ගැළපෙන්න ඒ නම දාලා තිබ්බා. ඉබ්බ මේ කියන කතා සමහරක් ඉබ්බට වුන ඒවා, අනික් ඒවා ඉබ්බගේ යාළුවන්ට වෙච්ච දේවල්. මොනවා වුනත් හරිම රසවත්.

ඉබ්බලගේ පන්ති වල හිටියා ගයියෑන් කියලා යාළුවෙක්. ගයියෑන්ට පිස්සු හොඳම එක. ගයියෑන්ගේ විනෝදේ තමා උදේ ඉඳං ඉස්කෝලේ අරිනකම්ම සර්ව වාත කරන එක. 11 වසර බිල්ඩින් එකේ දෙපැත්තෙ පඩි පෙළවල් 2ක් තියනවා. සර් කොරිඩෝ එක දිගේ එනකොට ගයියෑන් පඩි පෙළට මුවා වෙලා කටහඩ වෙනස් කරලා කොවුලෙක් වගේ ‘කේවෝ’ කියලා මහ හයියෙන් කෑ ගහනවා. සර් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට එනකොට ගයියෑන් පඩිපෙළ බැහැලා දුවලා යනවා පහළ තට්ටුවේ අනෙක් කෙළවරට.සර් පහළට බහිනවාත් එක්කම ගයියෑන් ආයිත් කෑගහනවා ‘කේවෝ’ කියලා. ගයියෑන්ව අල්ලගන්න බැරුව සර් යනවා. ගයියෑන්ගේ අවධානය වෙන පැත්තකට ගිය ගමන් සර් ටක්ගාලා කඩා පැනලා ගයියෑන්ව අල්ලගන්නවා.

සර්: ඈ ගයියෑන්. තමුං මොකක් කියලද කෑගැහුවෙ?

ගයියෑන්: සර්… කේවෝ කියලා

සර්: තමුසෙ කාටද කේවෝ කියන්නෙ?

ගයියෑන්: ඇයි සර්… සර්ටනෙ

(පටාස්) ගයියෑන් කම්මුල බදාගෙන සිනාසෙයි.

සර්: දුවනව පන්තියට

ගයියෑන් හිකි හිකි ගාමින් පන්තියට යයි.

අනු කේවට්ටයා

ගුරුවරයකු නැති විටකදී සිසුන් කෑ ගසමින් හිටපු පහළ බණ්ඩිරාළ සර්ගේ පන්තියට සර් පැමිණෙයි.

සර්: මොකද කෑගහන්නේ…ඒ…? දැං මොනාද තියෙන්නෙ…ඒ…?

ඉදිරිපස පේළියේ සිටින සිසුවා නැගිටියි.

සිසුවා: සර් සිංහල

සර්: සිංහල මොනාද…අ…?

සිසුවා: සාහිත්‍ය

සර්: සාහිත්‍ය මොන පාඩමද…අ…?

සිසුවා: සර් අනුකේවට්ටයා

ටෝර්…

සිසුවා කම්මුල බදාගෙන සිදුවූ දෙය වටහාගන්නට තැත් කරයි. සර් හිතලා තියෙන්නේ සර්ට බයිට් එකට ගෝලයා අනුකේවට්ටයා කිව්වුවා කියලයි 😛 .

සීනි කූරා

දවසක් සීනි කූරා පන්තියේ දඟල දඟල ඉන්නකොට කොරිඩෝ එකෙං ගිය සර්ට අහු වුනා.

සර්: තමුං යනවා සටාෆ් රූම් එකට. මම එනකං මගේ මේසෙ ගාව හිටගෙන ඉන්නවා…ආ…

සීනි කූරා කරබාගෙන ස්ටාෆ් රූම් එකට යයි. විනාඩි 10කින් පමණ ස්ටාෆ් රූම් එකට පැමිණෙන සර්ට මේ බව මතක නැත.

සර්: තමුන් මොකද ඔතන කරන්නෙ…ඒ…?

සීනි කූරා: නෑ සර් මේ නිකං ආවේ

සර්: දුවනවා පන්තියට

සීනි කූරා කිසිවක් නොවූ පරිදි පන්තියට පැමිණ වාඩි වෙයි.

ගලගොඩ

ගුරුවරයකු නොපැමිණීම නිසා කෑ ගසන සිසුන් සිටින ගලගොඩලගේ පන්තියට එන සර්

සර්: ගලගොඩ නැගිටිනවා

ගලගොඩ නැගිටියි.

සර්: තමුංගෙ නම මොකක්ද?

ගලගොඩ: සර්, ගලගොඩනෙ…

සර්: ආ…හොඳයි. වාඩිවෙනවා.

සිනහව යටපත් කරගෙන තොල විකාගෙන ගලගොඩ වාඩි වෙයි 😛 .

එමිනෙම්

මේ සිද්ධිය නම් වුනේ ඉබ්බගේ යළුවා මීයගේ මල්ලි, පොඩි මීයගේ පන්තියේ. කට්ටිය චුවින්ගම් කාලා ටැටූස් අලවලා තිබුනා පිටිපස්සේ බිත්තියේ. ඉබ්බත් ඒක දැක්කා.  ඔය අතර කීප දෙනෙක් නම් බිත්තියේ කැටයම් දාලා ලියලා. සර් පැමිණෙයි. බිත්තිය අසලට ලං වන ඔහු.

සර්: මොකක්ද මේ ලියලා තියෙන්නේ? ආ…ගයාන්…කෝ ගයාන් නැගිටිනවා.

ගයාන් නැගිටියි. ගයාන්ගේ නමට එහායින් එමිනෙම් කියා ලියා ඇත. සර් දැං එමිනෙම් කියා කියවන්නට උත්සාහ කරයි. ඒත් මැද තියන ඊ අකුර නොපිටට ලියා ඇති නිසා සර්ට එය කියවීම අපහසු වග පෙනෙයි. කීප වරක් උත්සාහ කර

සර්: මේ මොකක්ද මේ?

ගයාන්: සර් ඒ එමිනෙම් කියලා ලියලා තියෙන්නෙ.

සර්: එමිනෙම්. ඒ මොකාද? ඌත් මේ පන්තියෙද?

කට්ටිය තොල විකාගෙන සිනාසෙයි 🙂 .

<p style=”text-align:justify;font-size:medium;”>
Advertisements

ප්‍රතිචාර 14

  1. වැප් said,

    ජූනි 7, 2010 at 3:45 ප.ව.

    එමිනෙම්.!!!!!!!!!

    හිකිස් ….

  2. සසීන්ද්‍ර said,

    ජූනි 7, 2010 at 4:10 ප.ව.

    එල එල

  3. Hasitha said,

    ජූනි 7, 2010 at 8:01 ප.ව.

    අන්තිම කතාව නම් උපරිමයි අයියා 🙂

  4. palaamalla said,

    ජූනි 18, 2010 at 10:42 පෙ.ව.

    හිනා වෙලා පනයන කතා ටික මචන්…

  5. ජූනි 21, 2010 at 8:09 ප.ව.

    අම්බෝ… මේ ටික කියවලා ඉවර වෙනකොට මාව මැරෙයි…!!! මේක අපේ ඉක්කෝලෙද කියල හිතා ගන්න බෑ.. අම්මෝ… පි‍ස්සු පීකුදු වෙනවා…….!!!

  6. ජූනි 25, 2010 at 6:41 ප.ව.

    “එමිනෙම්. ඒ මොකාද? ඌත් මේ පන්තියෙද?” 😀 😀

  7. Rovin said,

    ජූලි 6, 2010 at 11:45 පෙ.ව.

    lol… Fixu kora mchn 😀

  8. haxim shinoda said,

    අගෝස්තු 20, 2010 at 3:35 ප.ව.

    aney deyyane!!!!!! mata marenna hithenawa ayeth ipadila mage adaraneeya iskoletama yanna!!!!!!…..Kewa apitanam Buddhagama igannuwe,dawasak 11 wasaredi mama padama asse yaluwoth ekka baila gagaha indala mattu…Sir; aise Haxim!!!! nagitinawa!!!! thamaage nama kiyanawa!!!!!……mata pissu haduna!!!!bakas gaala hina giya!!!!!-kolla panthiyen eliye hitiya winadi 10k withara…sirtama duka hithila athulata gaththa!!!

  9. haxim shinoda said,

    අගෝස්තු 20, 2010 at 3:42 ප.ව.

    api hitiye 11-j panthiye,staffroom ekata allapu panthiya.ape kattiyage karate una thibba kaale,free period ekaka api flying kick deka thunak dunna biththiyata dading-biding gaala.menna Kewa duwagena enawa dakunu atha karakawa karakawa(nikan cowboys la ashawayo mella karanna thonduwa daapu lanuwa karakawanawa wage)….””Ashwaya! Ashwaya!! Kauda ae ashwaya???? Gaayak thiyena eka wara eliyata,pasale biththi peralanne nathiwa!!!!”’ nikan jathaka kathawakata gahapu wedika natyak wage….apita marenna hina!!!!!-paw appa sir honda manussaya!!!!!!

  10. dsandun said,

    ජූලි 13, 2011 at 1:28 පෙ.ව.

    hahaha… kewage scene mathak wenakota hina kaala pana yanawa… lolee lol.. monawa unath hoda manussaya.. 🙂

  11. සීනි කූරා said,

    මැයි 15, 2012 at 12:42 ප.ව.

    අනු කේවට්ටයා සිද්දිය වුනේ මට.

  12. සිරිමල් said,

    මැයි 24, 2012 at 2:56 ප.ව.

    කේවා ගැන නම් උබට පුතො තව සෑහෙන්න ලියන්න තියෙනවා.
    මගේ mail එකෙන් උබට මාව අදුරගන්න පුලුවන් . එල එල දිගටම ලියපන් . මමත් පුලුවන් වුනොත් කතාවක් දෙකක් උබට ලියලා mail පාරක් දාන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: