ඊටත් පෙර කිසිම දිනෙක තිබිලා නෑ එවන් බරක්

දැං ඉබ්බා නවයේ. ඉබ්බත් එක්ක 10, 11හේ හිටපු හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් වුනු මුනි ඉබ්බට මුණගැහුණේ 9යේ පන්තියේදි. මුනිට ඒ නම වැටුනේ මුනිගේ මූනේ හනුමගෙ ලුක් එක හියන නිසා. වානර මුනි කියන එකේ අග ‘මුනි’ කෑල්ල සෙට් වුන හැටි තමා ඒ. මුනිට තව තව කාර්ඩ් තිබ්බා. අනිත් ෆේමස්ම කාර්ඩ් එක තමා ඉන්ස්පෙක්ටර් G. M. වඳුරු සිං. කන් දෙක ටිකක් ඉතර ලොකු නිසා හනාකො කියලත් කිවුවා. දවසක් ඉබ්බා මුනිට විහිළුවක් කරලා බේරෙන්න පන්තියේ ඉස්සරහට දිවුවා. ඒ දවස් වල මුනි පාවිච්චි කළේ සිප් එකක් තියන පෙන්සිල් කේස් එකක්. මුනි පෙන්සිල් කේස් එකෙං ඉබ්බට දමලා ඇරියා. සිප් එක ඇරිලා තිබිච්ච පෙන්සිල් කේස් එකේ බඩු බාහිරාදියා සී සී කඩ විසි වුණා. ඉන් කීපයක් ඉබ්බත් අහුල ගත්තා. දැං මුනිට ඕන පෑන් ටික ඉල්ලගන්න. මුනි පන්තිය පිටිපස්සේ ඉඳං කෑගහනවා

“ඒයි… පෑන්ටිය දියං පෑන්ටිය දියං” කියලා(පෑන් ටික කියන එකේ අකුරු එහා මෙහා වෙලා තමා එහෙම කියවුනේ).

ඉබ්බ බැලුවා මොකද්ද බොලේ මේ පෑන්ටි සීන් එක කියලා. වැඩේ තේරුණු කීප දෙනෙක් හිනා වෙනවා. ඊට පස්සෙ මුණිට පෑන්ටියා කියලත් කාර්ඩ් එකක් වැටුණා.

ඊට පස්සෙ තව දවසක් මුනි ඉබ්බට රස කතාවක් කිවුවා. මුනි ආවේ ප්‍රසිද්ධ දේවාලයක් ආසන්නයේ ඉඳලා(කඩුවෙල පැත්තෙයි තියෙන්නේ). එතන ඉන්නවලු දිවුල් සීයා කියලා කෙනෙක්. මුනි එක්කත් ෆිට්ලු. දවසක් ස්කූල් වෑන් එක එනකං හිටපු පොඩි එකෙකුට දිවුල් සීයා මොකක්දෝ අස්වාභාවික කරදරයක් කරලලු. මුනි අපිට මේ කතාව කියලා පීරියඩ් එකක් යන්නත් කලිං අර නොදන්න පොඩි එකා මුනිගෙං රිප්ලේස් වුනා. ඊට පස්සේ මුනිට දිවුල් සීයා කියලත් කාර්ඩ් එකක් වැටුනා. තාමත් අපි හිටි ගමන් මුනිගෙං ඇහුවම දිවුල් සීයා කෝ කියලා සිනහා මුසු මුහුනින් අපිට පාරක් ගහන්න මුනි අමතක කරන්නේ නෑ.

දවසක් මුනිට හරි වැඩක් වුනා. එදා ඉබ්බලගේ පන්තියට විද්‍යාව පීරියඩ් දෙකක්
තිබුනා (විද්‍යාව ඉගැන්නුවේ 8වසරේ විද්‍යාව සර්මයි). මුනිට හදිසි අවශ්‍යතාවක් ඇවිල්ලා.මුනි මේක ඉබ්බටත් කිවුවා. කොහොම කොහොම හරි මුනි අමාරුවෙන් පීරියඩ් 2ක ඉවර වෙනකම් ඉවසගෙන හිටියා. පීරියඩ් 2ක ඉවර වුනා ඉතරයි මුනි විනාඩි 15ක් විතර අතුරුදහන් වෙලා ඉඳලා ආවා. ඊට ටික වෙලාවකට පස්සේ ආරංචියක් ආවා එහෙම දෙයක් කරන්න බැරි තැනක එහෙම දෙයක් කරලා කියලා හික්… 😛 හැබැයි මුනි එහෙම දෙයක් කළා කියලා හිතන්න අමාරුයි. එහෙම සීන් ඉඳලා හිටලා වෙනවනේ. පන්තියෙන් භාගයක් විතර ගියා සීන් එක ඇත්තද බලන්න. ගිය එවුන් කඳු පෙන්න පෙන්න ආවා. ඉබ්බනම් ගියේ නෑ. ඒ දවස්වල ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ප්‍රසිද්ධ සිංදුවක් තිබ්බා කොල්ලෝ පද වෙනස් කරලා කියන. ඉබ්බා ඒකේ පද තවත් ටිකක් වෙනස් කරළා මුනිට ගැළපෙන්න සකස් කරලා හැදුවා. කොල වලත් ලියලා පාස් කළා වගේ මතකයි. මෙන්න මෙහෙමයි ඒක තිබ්බේ

ඊටත් පෙර කිසිම දිනෙක තිබිලා නෑ එවන් බරක්

හිර කරගෙන හිටියා මම එළුවාගේ පීරියඩ් දෙකක්

ඉස්කෝලේ කිසිම තැනක තිබුණේ නෑ වැසිකිළියක්

තිබ්බෙත් එක වැසිකිළියයි දැම්මා මම _ තලියක්

මේක කිවුවම තාමත් මුනි දම් වෙනවා 🙂  (ලැජ්ජාවට රතු වෙන්නේ සුදු අයනේ. කළු අය ඉතින් දම් තමා වෙන්නේ 🙂 ).

Advertisements

ප්‍රතිචාර 4

  1. blog gadol said,

    ජූනි 7, 2010 at 11:32 පෙ.ව.

    මුනි ඉන්න ඇත්තෙ නවගමුව දේවාලෙ කිට්ටුව වෙන්න ඇති එහෙනං!:)

  2. Hasitha said,

    ජූනි 7, 2010 at 12:56 ප.ව.

    නියමා….. යි 🙂

  3. සැප්තැම්බර් 4, 2014 at 9:04 පෙ.ව.

    […] ඔන්න ඉබ්බා සාමාන්‍ය පෙළ කරන කාලෙ.ඉබ්බගෙ ඒ දවස් වල හොඳම යාළුවෝ දෙන්න තමා නින්ජයි මුනියි. ඉබ්බලගේ ඉතිහාසය පීරියඩ් එක වෙලාව. ඉතිහාසය ඉගැන්නුවේ චාර්ලි සර්.සර්ට චාර්ලි කියලා දාලා තියෙන්නෙ ඉබ්බලගෙ ඉස්කෝලෙ කළිං හිටපු සහෝදරයෝ තමා. ඒ දවස් වල 10 වසරේ ඉතිහාසෙ පොත පටං ගන්නකොටම වගේ තියනවා චාර්ලිමේන් කියලා අධිරජ්‍යයෙක් ගැන. චාර්ලි සර් මේ අධිරජ්‍යයා ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එක හදාගෙන තියෙන්නෙ. සර් 10 වසරෙ සෙක්ෂනල් හෙඩ්. ඒකත් මේ අධිරජ්‍යවාදී නමට හේතු වෙන්න ඇති. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: