ෆාතිමා

අවුරුද්දෙං භාගෙකුත් ගියා. දැං ඉබ්බට අටේ දෙවන වාර පරීක්ෂණේ. ඉබ්බගේ පන්තියට අල්ලපු පන්තිය දෙමළ මාධ්‍ය පන්තියක්. මෙන්න බොලේ දවසක් ඉබ්බට වඩා බාලයි වගේ පේන ගෑණු ළමයෙක් කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනවා. ඉබ්බගේ ඉස්කෝලෙ ඉතිං මිශ්‍ර පාසලක් නෙමෙයිනෙ. ගෑණු ළමයෙක් ඉස්කෝලෙට ආවා කියන්නේ කට්ටියට ඉතිං මාර චූන් 😛 . දැං කට්ටිය කොක්කු වගේ බෙලි දික් කරගෙන තුෂ්ණිම්භූත වෙලා බලාගෙන ඉන්නවා.

බැලින්නම් එහා පන්තියේ මැඩම් එයාගේ දුවව එක්කන් ඇවිල්ලා. කොහොම කොහොම හරි කතා කැරකිලා ඇවිල්ලා ඉබ්බවත් අල්ලලා කතාවක් හැදුනා. දැං කට්ටිය මේ ළමයගෙ නමවත් දන්නේ නෑ. කවුදෝ එකෙක් නමක් දැම්මා ෆාතිමා කියලා(මට හිතෙන්නේ හොර අලියා වෙන්න ඕනා). දැං ෆාතිමා දිගටම අම්මත් එක්ක හැමදාම එනවා. ෆාතිමා ඉගෙන ගත්තේ ඉබ්බලගේ ඉස්කෝලේ පේන දුරින් තිබුන අන්තර්ජාතික ඉස්කෝලෙක. ෆාතිමා එනකොට යාළුවෝ ඉබ්බට ලයින් දෙනවා. ටික දවසකින් ෆාතිමා කොරිඩෝර් එක දිගේ යනකොට යාළුවෝ ඉබ්බට හයියෙන් ෆාතිමා කියලා කතා කරනවා. බලන්න ඕනා ඒ දවස්වල කට්ටියගෙ වැඩ. ෆාතිමා එනකොට දඟලනවා, සද්ද දානවා, එක විකාරයයි(දැං මතක් වෙනකොට හිනාත් යනවා 🙂 ). කොහොම හරි ඉබ්බට ෆාතිමා කියලා කාඩ් එක වැටුනා.

ඒ දවස් වල තරුණ වයසේ හිටිය සිංහල උගන්නපු ඉබ්බලගේ අරලිය මැඩමුත් හිටපු ගමන් ඉබ්බට ෆාතිමා කියලා කතා කළා(මැඩම් ඉබ්බලගේ පන්තියත් එක්ක ෆිට). ෆාතිමා ගැන විස්තර හොයාගෙන එන අනෙක් පන්ති වල යාළුවන්ට ඉබ්බගේ යාළුවෝ තත්වේ පැහැදිලි කරලා දුන්නා. ඒකෙං මේකෙං ඉබ්බා ෆාතිමා කියලා සෑහෙන ප්‍රසිද්ධියට පත් වුනා.

ඉබ්බට ෆාතිමා කාඩ් එක වැටිලා දැං අවුරුදු 15කටත් කිට්ටුයි. තාමත් කලාතුරකින් මග තොටේදි ‘ෆාතිමා’ කියලා කතා කරනවා ඇහිලා හැරිලා බැලුවම ඒ කාලෙ පන්තියේ හිටපු යාළුවෙක්  හිනා වේගෙන ඉස්සරහට එනවා. ඔන්න ඔහොම තමා ඉබ්බ ෆාතිමා වුනේ. හොර අලියනම් තාමත් ඉබ්බට කියන්නේ ‘ෆාති’ කියලා.

ෆාතිමා කාඩ් එක නිසා ඉබ්බගේ ජැක්සන් කාඩ් එක හිමීට සමනය වෙලා ගියා 🙂 .

Advertisements

ප්‍රතිචාර 7

  1. ජූනි 4, 2010 at 2:09 ප.ව.

    මේ ඉබ්බෝ, බලාගෙන ගියාම අපි සේම් ඒජ් වගෙයි. මම ගෙදර ගිහිනුත් කල්පනා කලා අර ගුරුතුමියගේ නම කියන්නද කියලා. පස්සේ හිතුනා හා කියලා. 1997 දී තමයි ඇය ඔයාලාගේ පාසලට ආවේ. ඇයගේ නම ඉඳුමිණි අබේකෝන්. ඉංග්‍රීසි භාෂාව තමයි උගැන්නුවේ. ලඟදී මම ඇයගේ දුරකථන අංකය සොයාගෙන කථා කලා.

    • ජූනි 4, 2010 at 2:38 ප.ව.

      රන්දිල් අක්කා(මම හරි නේද?), මම් ඊයේ ඔයාගේ බ්ලොග් ලිපි කීපයක් කියෙවුවා (සමහර ලිපි කිරි ඉබ්බිටත් ඇහෙන්න කියවන්න් සිද්ධ වුනා). මම අගේ කොරලා කොමෙන්ටුවකුත් දැම්මා. මට හිතෙන්නේ රන්දිල් අක්කට 30ට ඇත්තේ තව එක කනුවක් වගේ 😛 (ඒ වගේ දෙයක් මම කොතනක හරි දැක්කා). මට 30ට තව කණු කීපයක් තියනවා. හරියටම කියනවානම් මම 97තේ හිටියේ 9වසරේ 🙂 . ඒ මැඩම් සුදු, කොණ්ඩෙ ටිකක් ක්‍රේල් (ක්‍රේල් කිව්වේ පොකුටු නෙමේ, ටිකක් රැළි රැළි වගේ) කෙනෙක්ද? එහෙම නම් මම දන්නවා. මම ඉගෙනගෙන නැති වුනත් මම කරපු මොකක්දෝ වැඩකට ඒ මැඩම් මට ප්‍රශංසා කළ වගක් ලාවට මතකයි. නිතර සිනාමුසු මුහුණින් නේද ඉන්නෙ?

  2. Hasitha said,

    ජූනි 4, 2010 at 2:39 ප.ව.

    ෆාතිමා කියලා දැම්මේ ඒ ගෑණු ළමයා මුස්ලිම් ද ?

    • ජූනි 4, 2010 at 3:09 ප.ව.

      නෑ 🙂 . තාත්තා සිංහල(ආර්මි එකේ ලොකු පෝස්ට් එකක් තිබුණා වගේ මතකයි). අම්මා දෙමළ. අයියා ඉබ්බට වඩා බැච් 2ක් උඩ ග්‍රෙගරි මහත්තයගෙ පාරෙ තියන ඉස්කෝලෙමයි ඉගන ගත්තේ (සිංහල දෙමළ 2කම දන්න නිසා අයියා ඒ දවස්වල ජනප්‍රියයි). අයියගේ නම දිව අග තියනවා, දැං මතක් වෙන්නේ නෑ.
      මුස්ලිම් නෙමේ. කවුරු හරි ඉබ්බගේ යාළුවෙක් කටට ආවට ෆාතිමා කියලා දැම්මේ (මම හිතන්නේ හොර අලියා තමා දැම්මේ).

  3. ජූනි 4, 2010 at 2:52 ප.ව.

    මම 97 හිටියේ 10 වසර. ලඟදී දැක්කේ නැති නිසා කියන්න බැහැ මල්ලී (කිව්වට ෂුවර් එකට මාස ගාණකට බාල ඇති 😀 )

    අපි දන්න කාලේ දිග කොන්ඩයක් තිබුනා. අන්තිමට දැකලා දැන් අවුරුදු 11ක් වෙනවා. දණ හිස ගාවට දිග කොන්ඩයක් තිබුනා. පස්සේ ඉන ගාවට විතර තිබුනා. දැන් කොහොමද දන්නේ නැහැ.

  4. Charitha said,

    ජූනි 4, 2010 at 8:38 ප.ව.

    කලු වුනාට ලස්සන කෙල්ල 😉


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: