හසීගෙ ප්‍රිෆෙක්ට් ඩාන්ස් එක

2ක වසරට පස්සේ ඉබ්බට මතක හිටින සිදුවීම පෙළක් හම්බුනේ හතේ අටේ ඉන්නකොට. දැං ඉබ්බ ටිකක් ලොකුයි (මෙන්න බොලේ 7 වසරෙදි දවසක් බලනකොට ඉබ්බගෙ කටහඩත් වෙනස් වෙලා තිබුණා. ඉබ්බ දැං ලොකු ළමයෙක් 🙂 ).

ඉබ්බලගේ පන්තියේ ප්‍රිෆෙක්ට් හසී. හසී ඒ කාලෙත් සිරා බුවා. ගොඩක් පන්ති වල ප්‍රිෆෙක්ට්ලා ගොට්ටො වුනාට හසියා එහෙම නෑ. ඔන්න දවසක් 6, 7, 8 භාර අමරවංශ සර් (ඉබ්බ හරි නම වෙනස් කළා) හසීගේ බඩෙං අල්ලගෙන කොරිඩෝර් එක දිගේ ඇදගෙන එනවා හරියට පොලිසිය මේ දැං අහුවෙච්ච කුඩ්ඩෙක්ව කුදලගෙන එනවා වගේ. හසියත් ඌයි… ආයි…නෑ සර්…ඔවු සර්…කිය කිය ඇදිලා එනවා.

අමරවංශ සර් ඒ දවස් වල අම්බානක් වසයි. අමරවංශ කියන නම ඇහුනත් ඇති ඒ දවස් වල චූ නොගිය ටික ඉතරයි. සර් හසීට පළු යන්න බණිනවා. හසී ඒ දවස් වල ඉබ්බත් එක්ක එක සෙට් එකේ හිටපු හොඳම යාළුවෙක්. ඉබ්බට දැං හරි ප්‍රෙහෙළිකාව. හසීට බැජ් එක හම්බු වෙලත් තාම සති 2ක් වත් නෑ. ඊට පස්සේ තමා සිද්ධිය දැනගන්න ලැබුණෙ.

ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවෙ හසී වෙන පන්තියකට ගිහිල්ලා අළුතෙං හම්බුණු ප්‍රිෆෙක්ට් බැජ් එක කලිසමේ සිප් එක උඩ ගහගෙන පන්තිය ඉස්සරහා නට නට ඉන්න කොට අමරවංශ සර්ට අහු වෙලා. හසී අම්බානක් ගුටිත් කාල, බැණුං අහලා, සති දෙකක් බැජ් එකත් නැතුව හිටියා. හසීට සති 2කට පස්සේ අවවාද අනුශාසනා ගොඩකුත් එක්ක බැජ් එක ආයිත් ලැබුණා.

හසීව නෝන්ඩි කරන්න ඕන වුනාම ඒ දවස්වල කට්ටිය අහනවා ආ මචං කෝ බැජ් එක? කියලා. එතකොට හසී හොඳම වචන සෙට් එකකින් අමරවංශ සර්ව මතක් කරනවා. හැබැයි ඊට පස්සෙනම් හසී ප්‍රිෆෙක්ට් බැජ් එක නියමිත ස්ථානයේ පැළඳගෙන හිටියා.

ඊට පස්සේ මේ ළගඳී අවුරුදු 8කට ඉතර පස්සෙ හසී ඉබ්බට කෝල් එකක් දුන්නා. බලනකොට හසී වැඩ කරන්නේ ඉබ්බා වැඩ කරන කොම්පැනියෙමයි. තාමත් හසීගෙ කතා විලාසයනම් වෙනස් වෙලා නෑ. මංඤ්ඤං වචන විමානයයි. හසී ළඟදි බඳින්නයි යන්නේ. එහෙනම් හසීට සුභ මංගලම්!

Advertisements

ප්‍රතිචාර 8

  1. Hasitha said,

    ජූනි 3, 2010 at 10:30 පෙ.ව.

    කතාව නියමයි. ඉබ්බා ගියේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙටවත්ද ? 🙂

    කොහොම නමුත් ඉබ්බාව ගලේ ගහන්න ඕනෙනේ තමන්ගේම තැන වැඩ කරන එකාව දන්නේ නැහැ කිව්වාම

  2. ජූනි 3, 2010 at 11:07 පෙ.ව.

    හිහ්… 🙂 රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ තියෙන්නෙත් ඒ ළඟ පාතම තමා.
    ඉබ්බා මේ කොම්පැනියට ආපු අළුතම තමා හසී දුරකථන ඇමතුමක් දුන්නේ. ඒ දවස් වල යුද්ධෙ තදට කෙරෙනවා. ඉබ්බටත් හොඳටම යුද්ධ උණ. ඉබ්බ දැම්මා ජාත්‍යාලෙන් පිරිච්ච මේල් එකක්.
    හුටා!
    වැරදිලා ඔෆිස් එකේ සිග්නේචර් එකත් ඇමිණිලා ගිහිල්ලා. දැං ඉතිං මොනා කරන්නද? ඉබ්බට උත්තරත් ආවා. සමහරු කෝලුත් කළා. ගල් සහ මල් 2කම ආවා. ඒකෙං නොම්මරේ දැකලා තමා හසී ආයිත් ඉබ්බට කතා කළේ 🙂 .

  3. blog gadol said,

    ජූනි 3, 2010 at 12:24 ප.ව.

    ඉබ්බා ගියේ තුම්මුල්ලටද? නැත්තං ලොකුනමටද?

  4. ජූනි 3, 2010 at 1:58 ප.ව.

    තුම්මුලටත් නෙමේ. ලොකු නමටත් නෙමේ.
    හික්… ඉබ්බ ගියේ ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ජාතියේ පියාගෙ ඉස්කෝලෙට 🙂

  5. ජූනි 3, 2010 at 2:47 ප.ව.

    ආ මම දන්නවා ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ තමයි මම කැමතිම මගේ ආදරණීය ගුරු මෑණිය දැන් උගන්වන්නේ. ඒ ගුරුතුමියගේ පුතාලා දෙන්නා ඉගෙන ගත්තෙත්/ගන්නෙත් ඒ පාසලේම තමයි. ඒ ගුරුතුමියගේ නම ඉ. අබේකෝන්.

    • ජූනි 3, 2010 at 4:21 ප.ව.

      හම්ම්…ඒ නමින් නම් මතක නෑ 😦 . ඒ ඉස්කෝලේ ඒ දවස්වලනම් ගොඩාක් හොඳ දේවල් තිබුණා. දැන්නම් කොහොමද දන්නෙ නෑ.
      මටත් තියනවා මම කැමතිම ගුරුතුමා ගැන කතාවක් කියන්න. ඒක හැබැයි දුක හිතෙන කතාවක් 😦 . කවදාහරි දවසක මම ඒකත් ලියන්නම්.

  6. dsandun said,

    ජූලි 13, 2011 at 12:46 පෙ.ව.

    ඉබ්බෝ උබ කොට්ටාවේ ඉන්න කිරි ඉබ්බද ? උබ මේකේ කියල තියෙන හේමවංශ සර් නම් හරිම හොඳ ගුරුවරයෙක්. අකාලයේ නැති උනේ..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: