බෝල අකුණ

බෝල අකුණ කියලා නම දැම්මට මේක අකුණු ගැන ලිපියක් නම් නෙමේ. ඉබ්බ ඉතිං මෙතන ලියන්නේ ඉස්සර කාලෙ වෙච්ච වල් පල් ලට්ට ලොට්ටනේ.

ඉබ්බා අටේ ඉන්න කොට පන්තියේ හිටපු දඟම යාළුවෙක් තමා සීනි කූරා. සීනි කූරා දඟ මල්ලක්. හැමදාම පන්තිය කනපිට පෙරළුවා. ඉස්කෝලෙං අවුට් වෙනකම්ම සීනි කූරා එක දිගටම දැඟලුවා. හැබැයි සීනි කූරා එළ මීටරේ. ඉබ්බගෙ පන්තියේ පළවෙනියා වෙන්නෙත් සීනි කූරා. දැන්නම් සීනි කූරා එක්දරු පියෙක්. ටිකක් දාංගලේ අඩු වෙලාද මන්දා(ඉබ්බගේ ට්‍රැක් එක මාරු වුනා වගේ).

කොහොම හරි, ඉබ්බගෙ පන්තියට සිංහල ඉගැන්නුවේ ලස්සන තරුණ ගුරුතුමියක්. පන්තියෙ කට්ටිය සිංහල පීරියඩ් එක එනකම් දත කට මැදගෙන ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඒ ගුරුතුමියට තිබ්බේ මලක නමක්. අපි අරලිය කියමුකො. ඒ දවස් වල අරලිය මැඩම් ඉබ්බගෙ පන්තියට උගන්නන්න ආපු අළුත (ඊට කලින් හිටපු මැඩම් අයිං වුනා). අකුණු ගැන පාඩමක් තිබුනා 8 වසරෙ සිංහල පොතේ. ඔන්න ඔතිං දැං අරලිය මැඩම් උගන්වනවා.දැං බෝල අකුණු ගැන තියන හරිය.

අරලිය මැඩම්: මේ බෝල අකුණු කියන ජාතිය සමහරක් වෙලාවට ගෙවල් වල ජනේලෙකින් ඇතුලට ඇවිත් දොරෙං එළියට යන්නත් පුලුවන්.

(හොඳට හිටපු අරලිය මැඩම් එක පාරටම රතු වුනා. මූණත් කොටු වුනා)

මොකද්ද කිව්වෙ. මට හොඳට ඇහුනා කියපු එක. නැගිටිනවා කියපු මිනිහා. මං දන්නවා කවුද කිව්වෙ කියලා. ඔන්න ඔය හරියෙං කිව්වේ(පන්තියේ මැද හරිය පෙන්වයි).

මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා

(මොකක් සිද්ද වුනත් පුද්ගලයව දන්නවා කිවුවට අරලිය මැඩම්ට අල්ලගන්න බැරි වෙච්ච බව තමා පෙනුනේ).

පන්තියෙන් තුන් කාලක් විතරම වුනේ මොකක්ද කියලා දන්නෙ නැතුව බිරන්තට්ටුවෙලා වගේ හිටියා. හිමීට රතු පාට වෙච්ච අරලිය මැඩම් ටික වෙලාවක් යද්දි සුදු පාට වුනා.

පීරියඩ් එක ඉවර වෙලා අරලිය මැඩම් ගියාම කට්ටියට ඉවසුමක් නෑ මොකද වුනේ කියලා දැනගන්න. ඉබ්බත් ඇන්ටනාව දාලා බැලුවා. බැලින්නම් අරලිය මැඩම් බෝල අකුණු ජනේලෙන් ඇවිත් දොරෙන් එළියට යනවා කියපු වෙලාවෙ සීනි කූරා එහා පැත්තේ හිටපු රූපෙට කියලා

“මචං මාර වැඩේනෙ, දවසක් බෝල අකුණක් අපේ ආච්චිගේ රෙද්ද අස්සෙං ගිහිං එළියට ආවානෙ” කියලා.

සීනි කූරට ඒක ටිකක් හයියෙන් කියවිලා. ඒ පාර ඒක මැඩම්ට ඇහිලා තමා මේ හුටපටේ. සීනි කූරා හිටියේ පන්තියේ දකුණු පැත්තේ කෙළවරේ පේළියේ. ඒ වුනාට මැඩම් ලකුණු කපලා දැම්මේ පන්තිය මැද පේළියේ සෙට් එකකගේ. පවු අහින්සකයො! නිකං ලකුණු කපා ගත්තා 😛

Advertisements

ප්‍රතිචාර 19

  1. Charitha said,

    ජූනි 3, 2010 at 4:06 ප.ව.

    යකෝ මමත් හිටියෙ ඔය පන්තියේ වෙන්න ඕනේ…:-)

    • ජූනි 3, 2010 at 4:12 ප.ව.

      හත් ඉලව්වේ, මේ අපේ ආර්ම්ස්ට්‍රෝං මලයනේ!
      උඹත් හිටියේ ඒ පන්තියෙම තමා. හැබැයි පුතෝ තෝ මගෙ නම ප්‍රසිද්ධියෙ එහෙම කියනවා නෙවෙයි 🙂 හික්…
      උඹට මතකද සීන් එක?

      • Charitha said,

        ජූනි 3, 2010 at 9:33 ප.ව.

        ඔයැයි හරි පුදුම පුතෙක් තමයි 😉 ඔය වගේ සීන්ස් එහෙම අමතක වෙනවද බන්. අර මන්දයා ගැන ලියපු කතාවත් පට්ට සිරා. දිගටම ලියපන් මචන්

      • ජූනි 3, 2010 at 9:58 ප.ව.

        මචෝ, අපි එක එක්කෙනාගෙ ලෝක දැං ගොඩක් වෙනස් වෙලා. ඉස්සර වගේ නෙමෙයි. ඒත් අපි මග තොටේදි හරි අවුරුද්දකට පාරක් බැච් රී යුනියන් එකේදි හරි හම්බුනාම ඉස්සර පොඩි කාලෙ හිටපු යාළුවව හිතේ තියාගෙන කතා කරනවා. සමහරු ලොකු ලොක්කො වෙලා. සමහරු රට මැරයෝ වෙලා. ඒත් අපි පොඩි කාලෙ වගේම යාළුයි. ලොකු කම් මැර කම් පිට අයට විතරයි. ඒත් මොකද්දෝ අඩුවක් තියනවා. මම ආසයි උඹලා ඔක්කොම තාමත් පොඩියට හිටියනම්(මමත් ඇතුළුව). ඒක නිසා මම උඹලා එකෙක්වත් මගේ හිතෙන් මැකෙන්න දෙන්නේ නෑ. මට ඉඩක් ලැබෙන හැම විටම මම ඒ කාලේ මතක් කරලා රස විඳිනවා. A/L කරන කාලේ උඹ අපේ එහා පන්තියේ ඉඳලා හෑන්ඩ් ෆයිට් දාලා ආර්ම්ස්ට්‍රෝං කිරුළ දිනාගත්ත එකත් මම දවසක ලියනවා 🙂 .

        අපි ඔක්කොටම පොඩි ඇච්චො බට්ටො වගේ ආයිත් සයිබර් අවකාශයේ ජීවය ලැබිලා මෙහෙම උඹයි, මායි, තව නොදුටු යාළුවො ගොඩකුයි එක්ක එකතුවෙලා කතා කරන්න ලැබිච්ච එක ගැන මට හරිම සතුටුයි. ඉඳලා හිටලා මෙහෙට ගොඩ වැදිලා ඉබ්බගෙ සමනළ තටු වල පාට බලලා පලයං.

  2. හා පැටික්කි (MS) said,

    ජූනි 3, 2010 at 4:43 ප.ව.

    ඉබ්බ අයියා යාලුව අයියා දැක්ක පාර කටුව තුලට යන්න වගේ ලෑස්තිය…….. 😛 😛 😛 😛

  3. හසී said,

    ජූනි 3, 2010 at 4:58 ප.ව.

    අදනේ ඉබ්බාගේ බ්ලොග් එක දැක්කේ… … නියම කථා ටික…

    • ජූනි 3, 2010 at 9:13 ප.ව.

      ඉබ්බ වෙන නමකින් වෙන වෙන බ්ලොග් වගයක් ලියාගෙන දැහැමෙන් සෙමෙන් සිටියේ(තාමත් ඒවත් ලියනවා 🙂 ). හදිසියේම බිඟු අයියා සින්ඩි ගැන ඉබ්බව දැනුවත් කලා. ඊට ටික කාලෙකට පස්සේ ඉබ්බා බ්ලොග් ගඩොලුයි, පිස්සගේ පලා මල්ලයි කියෝලා මෙහෙම එකක් ලියන්න හිතුවා. ඉබ්බා මුලින් හිතා හිටියේ මිතුරන් අතරේ පමණයි මැගසින් එකක්වත් ලියන්න ඕනෙ කියලා. ඒත් පස්සෙ මේ වැඩේ ඊට වඩා හොඳයි කියලා හිතුනා. ඕගොල්ලො කතා කියෝලා මාව දිරිමත් කළාට බොහොම ඉස්තූතියි.තක්කඩි පිරුණු ලෝකෙක හිත හොඳ සිංහල බ්ලොගාලා සහ බ්ලොගීලා ඉන්න එක හිතට ලොකු සහනයක් 🙂 .

  4. nimanthi said,

    ජූනි 3, 2010 at 5:24 ප.ව.

    ආම්ස්ට්‍රෝන් හපොයි අර නීල් ආම්ස්ට්‍රෝන් ද?? මේ.. 🙂

    හපොයි ආපු ගමන් තරජනය කරන්න එපා
    “හැබැයි පුතෝ තෝ මගෙ නම ප්‍රසිද්ධියෙ එහෙම කියනවා නෙවෙයි”” වගේ ඒවා කියලා යාලුවා තරහා වෙයි .

  5. Dinesh Silva said,

    ජූනි 4, 2010 at 4:44 පෙ.ව.

    මිස් ගෙ නම නෙලුම් ද? මම් නම් පන්තියෙ හිටියෙ නැහැ. හැබැයි මල ක නමක් කිව්වහම හිතුන guess කරන්න.

  6. Hasitha said,

    ජූනි 4, 2010 at 2:11 ප.ව.

    නියම කොල්ලෝ ටිකක් තමා ඉදලා තියෙන්නේ : තව හොඳ කතා ඇති ලියන්න යාලුවෙකුත් හම්බුණු නිසා

  7. ජූනි 4, 2010 at 7:53 ප.ව.

    ඉබ්බා බ්ලොග් අවකාශෙට එන්න බ්ලොග් ගඩොලුත් හේතු වුණා කියල අහල අපිට පට්ට ආතල්!! අපේ උණුසුම් සුබ පැතුම්…..

    • ජූනි 4, 2010 at 8:48 ප.ව.

      ගෞරවේ ලැබිය යුතු අයට ලැබෙන්න එපායැ 🙂 .
      ඉබ්බත් ඉබ්බගේ උප්පැන්නෙ තියන නමින් බ්ලොග් ලිය ලිය හිටිය දැං අවුරුදු 3ක් ඉතර තිස්සේ. තුඃ නොදකිං! එකෙක්වත් වැස්සකටවත් ගොඩ වුනේ නෑ බ්ලොග් එකට.
      ඉබ්බගෙ මුල්ම බ්ලොග් එක ජනාධිපතිගේ ඉඳලා පාරෙ කුණු අදින මනුස්සය දක්වා පතුරු යවලා තියෙන්නෙ. හරි යන්නෙ නෑ අප්පා. ඉබ්බගේ ප්‍රෙෂරුත් නගිනවා ඕවා ලියන්න ගිහිල්ලා.
      ඊට පස්සෙ ඉබ්බ දැම්මා ඉබ්බ දන්න කොන්තීටරේ ගැන පොඩි පොඩි දේවල් සිංහලෙං තියන බ්ලොග් එකක්. ඉබ්බ ඒකේ ලියන්නේ බේසික්. ඉබ්බ ආසයි ඈත දුර බැහැර ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට කොන්තීටරේ ගැන සරළව කියලා දීලා භය නැති කරන්න(සමහර ආනාදියෝ කොන්තීටරේ කියන්නේ අරුම පුදුම මැජික් පෙට්ටියක්, උඹලට ඕවා අමාරුයි වගේ ලයින් දීලා ඒ ළමයින්ව භය කරලා. ඉබ්බගෙ ඇඟේ මාළු නටනවා).
      ඊළඟ බ්ලොග් එක ඉබ්බ දැම්මේ දුර පළාත්වල ළමයින්ට කොන්තීටරේ ගැන කියලාදෙන වැඩමුළු වල විස්තර ලියන්න. තාම 2යි තියාගන්න පුළුවන් වුනේ. ඉබ්බට ඉන්නවා අතිජාත මිත්තරයෝ කීප දෙනෙක්. හරිම අමාරුවෙන් උන්ව හොයා ගත්තේ. එයින් 2න්නෙකුත් වැඩේට හවුල්.
      ඔහොම ඉන්න අතරේ දවසක් ඉබ්බ බ්ලොග් ගඩොලුයි, පිස්සගෙ පලාමල්ලයි දැක්ක. කියලා වැඩක් නෑ. එළම කිරි. ඉබ්බටත් දැං හෙන කුලප්පුව කතා ලියන්න. ඉබ්බත් ඉතිං කොහොම හරි අමුණගෙන කතාවක් දෙකක් ලියා ගන්නවා. ඉබ්බව මේ කතා බ්ලොග් වැඩේට ඉන්ස්පයර් කළේ බ්ලොග් ගඩොල් මලයයි පිස්ස සහොදරයයි තමා ඉතිං. ආයෙ ඉතිං වෙන කවුද? බොහොමත්ම ඉස්තූතියි මලේ 🙂 .

      ඕගොල්ලන්ටත් පුළුවන්නම් ඒ ළමයින්ට පොඩි උදවුවක් කරන්න(ඕගොල්ලෝ සමහරු දැනටමත් එහෙම කරනවත් ඇති). අඩුගානෙ ඉන්ටවීව් එකකට යන්න ටයි පටියක් දාගන්න හැටිවත් කියල දෙන්න. පවු ඒ ළමයි. පුළුවන්නම් ගිහින් බලන්න, කොච්චර දුක හිතෙනවද කියලා.ඕගොල්ලන්ගේ බ්ලොග් කියවපුවම මට අනිවාර්යයෙන්ම තේරෙනවා ඔගොල්ලන් මොළේ පාවිච්චි කරන යමක් කමක් කළ හැකි උදවිය කියලා. ඔගොල්ලෝ සමහරු ඉබ්බට වඩා ගොඩාක් ඉහළින් ඉන්න වග ඉබ්බා දන්නවා. යාළුවො ටික බටුවංගල ඉස්කෝලෙ ගැනයි තරුණ ගුරුවරයකුගේ සටහන් ගැනයි දන්නවා ඇතැයි ඉබ්බා හිතනවා. කොච්චර හොඳද නේද?

      • palaamalla said,

        ජූනි 18, 2010 at 10:26 පෙ.ව.

        බ්ලොග් එක ලියන්න මම ත් හේතුවක් උනා කියල දැන ගත්තම හරිම සතුටුයි.

        මමත් උබ වගේ තමා. ස්කෝලෙ කාලෙ මතකයන් වලට හුඟක් ආසයි. මම රටින් පිට හිටියත් මාසෙකට පාරක් වට් අපේ උන්ට කෝල් කරල පරන ඕපදූප කියවනවා. ලියන්න දිගටම ඔක්කොම පෝස්ට් කියවන්න ඕනි. බාගයක්ම ඉවරයි හික් හික්

      • palaamalla said,

        ජූනි 18, 2010 at 10:27 පෙ.ව.

        අර කිව්ව බ්ලොග් දෙක ඉබ්බගෙද ?

      • ජූනි 18, 2010 at 1:05 ප.ව.

        නෑ. ඒවා ධෛර් යවන්ත තරුණ ගුරුතුමෙක්ගේ වැඩ. ඉබ්බ ඒවා දන්න අඳුනන එවුන්ට මාර්කට් කරනවා. ඉබ්බ හිතන්නෙ එහෙම කළොත් හොඳයි කියලා.ඉබ්බගෙත් වෙන වෙන බ්ලොග් තියනවා ඔහේ වේලි වේලි.ඉබ්බට මළ පැන්නම ඉබ්බ එක බ්ලොග් එකක් ලියනවා. ඉබ්බ ඒක ලියන්නෙ මළෙං නිදහස් වෙන්න.කිරි ඉබ්බිට වුනත් ඕවා ඔක්කොම අහං ඉන්න ගිහිං එපා වුනොත් හෙම 😛

  8. blog gadol said,

    ජූනි 7, 2010 at 11:20 පෙ.ව.

    ඇත්තටම අපිත් කැමතියි ඒ ළමයින්ට උදව් කරන්න අයියේ.මම දැනටමත් ළමයි කීප දෙනෙක්ට නොමිලේ උසස්පෙළ රසායන විද්‍යාව උගන්නනවා.

    ඔයාගෙ බ්ලොග් එක හරිම ක්‍රියේටිව්.බලන්න ආසයි.මටත් මේක කියෙව්වම මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා.දිගටම වැඩේ කරගෙන යන්න.දුර පළාත්වල ළමයින්ට උදව් කරන එක ගොඩක් හොද වැඩක්.සහයෝගයක් ඕනෙ නම් ඕනෙ වෙලාවක කියන්න.මමනං(පුරුපුරු) දන්නෙ ජීව විද්‍යාව ගැන.උපාසකයි ඤාව්වයි කොම්පියුටර් අංශයෙ ඉන්නෙ

    • ජූනි 7, 2010 at 12:18 ප.ව.

      අනිවාර්‍රයෙන්ම කියනවා 🙂 . මෙච්චර කල් නොමිලේ(නොමිලේ කිව්වට මේව මේ ජනතාවගේ සල්ලිනේ 😛 ) ඉගනගත්ත ඒවට හරියන්න පුළු පුළුවං විදියට ප්‍රති උපකාර කරන එකට පිං. පූසො සෙට් එකගේ අවංක අදහස් වලට සහ ඉන්ස්පයරේෂන් එකට බොහොම ස්තූතියි. හොඳ වැඩ දිගටම කරගෙන යන්න. වංක, අවස්ථාවාදී සුළු පිරිසකගෙ ක්‍රියා නිසා හොඳ වැඩ අත්හරින්න එපා. ඒකට අවංක බ්ලොග් කරුවෝ සපයන ධෛර්ය මටනම් ලොකු හයියක්. කතාපොත් වල ඇරුනම දැං සයිබර් අවකාශයෙත් අවංක චරිත ඉන්නවා 🙂 . ස්තූතියි.

  9. සීනි කූරා said,

    මැයි 15, 2012 at 12:51 ප.ව.

    අය්යෝ මානෙල්…..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: