ජැක්සන්…ජැක්සන්…කෝ මේ බළල් තඩියා…

කොහොම කොහොම හරි ඉබ්බා 8 වසරටත් පාස් වුනා.එතෙක් කල් හිටපු හොඳම පන්තිය තමා අටේ පන්තිය. ඒ පන්තියෙදි මරු මරු වැඩ ගොඩක් වුනා. අට වසරෙදි ඉබ්බ ටිකක් ජනප්‍රියයි.

පන්තියේ ප්‍රිෆෙක්ට්ව තෝරන්න පන්ති භාර ගුරුතුමිය ටීචර්ලා අතරයි ළමයි අතරයි ඡන්දයක් තිබ්බා. එක සර් කෙනෙක් ඇර අනිත් අය ඔක්කොම ඉබ්බට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරලා තිබුණා. ඉබ්බත් පුළු පුළුවන් විදියට අප්සට් කේස් වලදී කොල්ලන්ව ගොඩ දැම්මා.දැං ඔන්න ඉබ්බත් බැජ් එකක් එල්ලගෙන පන්තියේ ඉන්නවා.

දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවේ කට්ටියගේ සද්දෙ පොඩ්ඩක් වැඩි වුණා. පන්තිය බලන්න සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ආවා. ඉබ්බගෙ ඉස්කෝලෙ සීනියර් ප්‍රිෆෙක්ට්ලට තිබ්බ බලතල නිසා ඒ කට්ටියගෙ හැසිරීම ඉබ්බට දිරෙව්වෙම නෑ (ඉස්කෝලෙං අවුට් වෙනකම්ම ඒක එහෙමම තිබුනා). සීනියර් ප්‍රිෆෙක්ට් සද්දයක් දැම්මා. දැං කට්ටිය නිහඩයි. මෙන්න බොලේ පූසෙක් ඥාව් ඥාව් ගාගෙන පන්තියෙ ඩෙස්ක් අස්සෙන් යනවා.

සීනියර් ප්‍රිෆෙක්ට්: කෝ මේ පන්තියේ ප්‍රිෆෙක්ට්? (ඉබ්බා නැගිටියි) ආ…පන්තිය බලා ගත්තෙත් නෑනෙ. මේ පූසව පල්ලෙහාට ගිහින් දානව.

ඉබ්බා: ප්‍රිෆෙක්ට්ලා ඉන්නේ පූසො ගිහින් දාන්න යැ? (ඉබ්බට ටිකක් කේන්තිත් ගියා 😦 . ඉබ්බට මේ කැලෑ පූසව උස්සන් යන්න අප්සට් වගේ).

සීනියර් ප්‍රිෆෙක්ට්: එහෙම බෑ. හරියට පන්තිය බලාගෙනත් නෑ. ප්‍රිෆෙක්ට් කෙනෙක් වුනාම ඕන වැඩක් කරන්න ඕනෙ. ගිහින් දානවා(ටිකක් තදින්).

බැරිම තැන ඉබ්බත් ඉතිං කරබාගෙන පූසව උස්සගෙන පහළට ගිහින් දාල ආවා. ඉබ්බගෙ පන්තිය තිබ්බෙ 2වෙනි තට්ටුවේ.ඉබ්බා ආපහු එනකොට ප්‍රිෆෙක්ට් ගිහිල්ලා. කට්ටියගේ ආයෙත් සද්දෙ. ඉබ්බ පන්තිය පේන මානෙට එනකොටම දත කට මැදගෙන ඉබ්බ එනකම් බලා හිටපු පන්තියෙ එකෙක් මහ හයියෙන්

ජැක්සන්…ජැක්සන්…කෝ මේ බළල් තඩියා…කොහාට වුනාද? කියලා කෑ ගැහුවා.

ඕගොල්ලන්ට මතකද ඒ දවස් වල තිබුන හිරුට මුවාවෙන්ද කොහෙද ටෙලි කතාව. ඒකේ කමල් අද්දර ආරච්චිගේ නැන්දට හිටිය කෙනා (නම දැන් මතකෙට එන්නෙ නෑ) ගෙදර පූස් තඩියව හොයන්නේ මෙහෙම කෑ ගගහා. ඒ වාක්‍ය ඛන්ඩේ ඒ දවස් වල බොහොම ජනප්‍රියයි. පන්තියේ හිටපු ඔක්කොම සෙට් එක මහ හයියෙන් බක බක ගාලා හිනා වුනා. එදා ඉදං ඉබ්බගේ කාඩ් එක ජැක්සන්. හැබැයි ජූලි මාසෙ වෙනකම් ඉතරයි. ජූලි මාසෙදි තව වෙන බොහොම ප්‍රසිද්ධ වෙච්ච කාඩ් එකක් වැටුනා ඉබ්බට.

ඉබ්බ A/L කරන කාලෙදි පවා ඉඳලා හිටලා පන්තියේ කට්ටිය මේස අස්සෙ ජැක්සන්…ජැක්සන්…ගගා බළල් තඩියව හෙවුවා 🙂 .

Advertisements

ප්‍රතිචාර 8

  1. ජූනි 3, 2010 at 2:50 ප.ව.

    ඉබි ජැක්සන් 😀

  2. හා පැටික්කි (MS) said,

    ජූනි 3, 2010 at 4:38 ප.ව.

    ඒ කාලේ අපේ ගෙදර හිටි පූසටත් මම කිව්වේ ජැක්සන් කියල……… 😀 😀 😀 😀

    අපි ජූනියර් ප්‍රිෆෙක්ට් වෙලා ඉද්දි සීනියර්ස්ල කියල කරපුවට වඩා ඔව්ව කොච්චර හොඳද…….. 😛

  3. palaamalla said,

    ජූනි 3, 2010 at 5:17 ප.ව.

    හිරුට මුවාවෙන් ද… හිරු තනිවෙලාද ?? හික් හික්.. ඉදි ආප්ප කතාව නේද ??

    අපෝ ඔය ප්‍රෙෆෙක්ටලා නම් මට අල්ලනෙම නැහ. මහ ඔලුව. හික් හික්..

  4. nimanthi said,

    ජූනි 3, 2010 at 5:25 ප.ව.

    මම හිතුවේ මයිකල් ජැක්සන් කියලා 🙂 🙂

  5. Hasitha said,

    ජූනි 4, 2010 at 2:14 ප.ව.

    හැමතැනම Senior එවුන් නිසා junior එවුන් කටු කන්නත් ඕනේ. අන්තිමට කුණු කතා අහන්නත් ඕනේ 🙂

  6. Bunny said,

    ජූනි 26, 2013 at 2:01 ප.ව.

    රත්නා සුමනපාල තමයි, කමල් ගේ ලොකු අම්මට රඟපෑවේ… (ලොක්කේමාමානේ ලොකු අප්පච්ච්ට හිටියේ)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: