මන්දෙලගෙ තාත්තා පැනලා ගිහිල්ලා

ඉබ්බට මතක හිටින සිරා සීන් වෙන්න පටන් ගත්තේ 2ක වසරෙදිද මන්දා. 2ක වසරෙ පන්තියට ගියාම ඉතිං ඔන්න ආයෙත් අළුත් බට්ටොත් එක්ක සෙට් වෙන්න සිද්ධ වුනා. ඉබ්බා ඉතිං ඒ කාලෙ ටිකක් ඉතර ලැජ්ජ, සද්ද බද්ද අඩු ඉබි පැටියෙක්.දවසක් මොකක්දෝ හේතුවකට පන්තියේ කට්ටියව එලියට දැම්මා. එසෙම්බ්ලි එකක් වගේ යාන්තම් මතකයි. දැං කට්ටිය ඔක්කොම පේලියෙ ගිහින් වාඩි වුනා පොඩි පංති වලට නැටුම් උගන්නපු තරමක් ලොකු හෝල් එකේ. වැඩේ පටන් ගන්න කලිං දැං ඔන්න කට්ටිය කතා කරනවා. ඉබ්බට ළමයෙක් එහායින් හිටපු ළමයා බොහොම නිදහසේ ගෙදර වගේ හැසිරෙනවා. එයාගෙ අම්මා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙම උගන්වන බවත් එයාව බලන්න පංතියට යන එන බවත් ඉබ්බා දන්නවා. ඒ ළමයා ටික වෙලාවකින් බොහොම සුහදව ඉබ්බගෙන් තොරතුරු ඇහුවා. ඉබ්බත් ඉතිං ඇත්තම විස්තර කිවුවා. මේ ළමයා පසු කාලීනව මන්දෙ කියන නමින් බොහෝම ජනප්‍රිය වුනා. දැං ඉතිං ඉබ්බත් මේ ප්‍රිය මනාප ළමයට ප්‍රශ්නයක් යොමු කරන්න එපෑයැ.

ඉබ්බා: ඔයාගෙ අම්මා මේ ඉස්කෝලෙම නේද උගන්නන්නේ?

මන්දේ: (සිනාසෙමින්) ඔව්

ඉබ්බා: එතකොට ඔයාගේ තාත්තා?

මන්දේ: ආහ්… තාත්තද මචං (ලොකු අයියලා දෙන්නෙක් හිටපු නිසාද මන්දා මන්දේ ඒ දවස් වලත් මචං වචනේ පාවිච්චි කළා. ඉබ්බට මුලින්ම මචං කියන්න ඇත්තේ මන්දෙ වෙන්න ඕන), මාර වැඩක් වුනානේ, තාත්තා අපේ ගෙදර වැඩ කරන ගෑණිත් එක්ක පැනලා ගියානෙ (මන්දේ හෝ ගාලා සිනාසෙයි).

ඉබ්බව කැරකී ඇඹරී ගියේය. ප්‍රතිචාර වශයෙන් යමක් කීමට ඉබ්බාට හිතා ගැනීමටත් බැරිය. හදවත යන්තම් ඩිග් ඩිග් ගෑවා වාගෙත් මතකය. කෙටියෙන් කියනවා නම් මන්දයාගේ කතාව ඉබ්බට ඔහු ගැන යම් චකිතයක් ඇති කළා. නොනවත්වා සිනාසෙන මන්දයා දකින් ඉබ්බගේ චකිතය තවත් වැඩිය. තාත්තා පැනලා ගිහිල්ලත් මන්දයා සිනාසෙන එක ඉබ්බට ප්‍රෙහෙළිකාවකි. මන්දයා දුක් විය යුතු යැයි ඉබ්බට හිතුනා.

මන්දයා ඉබ්බව කොච්චර ඇන්දුවද කියනවානම් ඊට පස්සෙ ඉබ්බ මන්දයව ආස්සරේ කළෙත් බොහෝම පරිස්සමින්. මන්දයා 2ක වසරෙදිත් එච්චර ඇඩ්වාන්ස් ඇන්දිලි ඇන්දුවා කියලා ඉබ්බට තේරෙන්න බොහොම කල් ගියා. මන්දයා ලොකු වෙලා සිරා ආතල් දුන්නා (හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ නෙ 🙂 ). ඒවත් මම පස්සෙ කියන්නම්. ඔන්න ඔහොම තමා ඉබ්බට මන්දයව හම්බුනේ.

දැන්නම් මන්දයා කැන්ගරු දේශෙට සංක්‍රමණය වෙලයි ඉන්නේ. මන්දෙගෙ අම්මයි තාත්තායි මීට අවුරුදු 3කට ඉතර කලිං මම අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළඟදී දැක්කා. වැඩකරන මනුස්සයා නම් කොහෙද දන්නෙ නෑ 😛 හික්…

Advertisements

ප්‍රතිචාර 6

  1. Hasitha said,

    ජූනි 2, 2010 at 10:34 ප.ව.

    හැදෙන කොල්ලාව දෙපැත්තෙන් නෙමෙයි තුන් හතර පැත්තකින් පේනවා.

    මන්දයා කැන්ගරු දේශෙට ගිය එකම තමා හොඳ. නැත්නම් මෑන් ඡන්දේ ඉල්ලලා දිනලා පාර්ලිමේන්තුවට පත්වෙනවා. 🙂

  2. හා පැටික්කි (MS) said,

    ජූනි 3, 2010 at 7:48 පෙ.ව.

    මාර යාළුවෝ නේ ඉබ්බටත් මුණගැහිල තියෙන්නේ……… 🙂 🙂 🙂
    කියපු දෙන්නම ළමයි නෙමෙයි…….. 😀 😀 😀 😀

  3. ජූනි 3, 2010 at 9:18 පෙ.ව.

    මගේ පොඩි එකාවත් දාන්න මොකක්ද ගියපු ඉස්කෝලේ…

  4. ජූනි 3, 2010 at 11:10 පෙ.ව.

    මට පොඩි එකෙක් හිටියනම්, මම ඒකව පළාතෙවත් යවන්නෙ නෑ 😛

  5. ජූනි 3, 2010 at 3:09 ප.ව.

    ඒ වුනාට අපි දන්නවා ඔය මොනවා කිව්වත් පුතෙක් ඉන්නවා නම් දාන්නේ ජාතියේ පියාගේ පාසලට කියලා. ඔය අපි අපේ ළමයි දායි කියලා ඉරිසියාවක් පහල වෙලා ඉබ්බාට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: