නෝ මෑන්ගෙ මැණික

මේ සිද්ධිය වුනේ ඉබ්බා පැටියා කාලේ. හරියටම කියනවනම් ඉබ්බ 2ක වසරෙ පන්තියට ගියා ඉතරයි. ඉබ්බා ඉගෙන ගත්තේ ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙ.ඉතිං මොකද්දෝ හේතුවකට එදා 2ක වසරෙ හිටිය බට්ටො කුරුට්ටො එළියට දැම්මා.අළුත් යාලුවොත් එක්ක කතා කර කර ඉන්න කොට ඉබි පැටියට සිරා පොරක් සෙට් වුනා. ඒ තමා ඉබ්බගෙයි නෝ මෑන්ගෙයි ප්‍රථම හමු වීම. හැබැයි අපේ යාළුවට නෝ මෑන් කියලා නම වැටුනේ නම් ඊට අවුරුදු 9කට ඉතර පස්සෙ O/L කරන කොටදියි.

දැං නෝ මෑන් හිටු කියලා ඉබ්බට ප්‍රශ්න යොමු කරනවා. ඉන්නෙ කොහෙද? අම්මා තාත්තගේ විස්තර, සහෝදර සහෝදරියො ගැන, නෝ මෑන්ගෙන් ප්‍රශ්න කෝටියයි. එදා නම් නෝ මෑන් මහ වාතයක් කියලත් ඉබ්බට හිතුනා. ඊට පස්සෙ තමා සිරාම වැඩේ වුනේ. ඉබ්බා නෝ මෑන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න කොට මෙන්න බොලේ නෝ මෑන් සිරා කතාවකට මුල පුරපි.

නෝ මෑන්: මටත් පුළුවන් ඔයාට (ඒ කාලේ ඔයා මෙයා කියලනෙ කතා කළේ) අපේ ගෙදර ඔක්කොම විස්තර කියන්න. ඒත් තාත්තා කියලයි තියෙන්නෙ වැඩි විස්තර කියන්න එපා කියලා.

(ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් නෝ මෑන් බලා සිටියද ඉබ්බා නිහඩය)

අපේක්ෂා භංගත්වයට පත් නෝ මෑන්: මොකද දන්නවද? අපේ ගෙදර ගොඩාක් තට්ටු තියනවා. ඒකෙ දෙවෙනි තට්ටුවේ තියනවා මාර ලොකු දිස්නෙ ගහන මැණිකක්. ඒක තට්ටුවේ මැදට වෙන්න තියෙන්නේ. සිකියුරිටිලත් දාලයි ඉන්නේ. වට පිට අයවත් කවුරුත් දන්නේ නෑ.

(ඊට පස්සේ ඒකෙ දිස්නේ, දිග පළල ගැන, ඒක තියලා තියන ස්ටෑන්ඩ් එක රඟපාල මවලා දුන්නා වගේ මතකයි. කොච්චර මැවුනද කිව්වොත් චිත්‍රපටියක රූප රාමු වගේ ඉබ්බගෙ හිතේ මැවිච්ච් රූප පේළිය ඉබ්බට තාම මැවිලා පේනවා)

පොඩි වුනාට ඉබ්බත් නිකං ඇරියෙ නෑ. ඉබ්බට හිතුනා නෝ මෑන් බොරුවක් කිවුවා කියලා. බැලූ බැල්මට නෝ මෑන්ගේ හෙන මැණික් මුදලාලි කෙනෙකුගෙ පුතෙක්ගේ පෙනුම නැතැයි ඉබ්බට හිතුනා. ටික කාලයක් යනකොට මේක නම් බොරුවක්ම බව ඉබ්බට හිතුනා.

ඊට අවුරුදු 8කට පස්සේ 10යේ පන්තියේදී ඉබ්බයි නෝ මෑනුයි ආයිත් හම්බුනා. හදිසියේම දවසක් ඉබ්බට මේ කතාව මතක් වුනා. ඉබ්බා නෝ මෑන්ට කිට්ටු කරලා ඇහුවාමචං උඹලගෙ ගෙදර දෙවෙනි තට්ටුවේ තාමත් අර දිස්නේ ගහන විසාල මැණික තියනවද? කියලා
(ඉබ්බ මේ කතාව වටපිට හිටපු කට්ටියට කියලා ඒගොල්ලොත් ඉන්න තැනයි ඇහුවේ). නෝ මෑන් ලැජ්ජාවෙන් ඇඹරුනා. ඒ වෙනකොට නෝ මෑන් දියුණු වෙලා කාලානුරූපී බේගල් කියන මැෂින් එකක් බවට පත් වෙලා තිබුණා. නෝ මෑන්ගේ බේගල් ඉබ්බගේ පන්ති සගයන්ට වගේම පංති භාර සර්ටත් නිතර සිනහා ගෙන ආවා(ඒවා නිතරම අතේම පත්තු වුනා 🙂 ).

දැන්නම් නෝ මෑන් විවහප්‍රාප්ත වෙලා දරු මල්ලොත් ඉන්න වග ආරංචියි.

ප්‍රතිචාර 12

  1. හා පැටික්කි (MS) said,

    ජූනි 2, 2010 at 6:47 ප.ව.

    එයා තාමත් අතේ පත්තු වෙන බේගල් කියනවද දන්නෑ……. 😉 😉

  2. ජූනි 2, 2010 at 7:24 ප.ව.

    බිඟු අයියාටයි හා පැටික්කිටයි ඉස්තූතියි.
    අනිවාර්යෙන්ම.
    නෝ මෑන් කොතනද – බොරු එතන
    බොරු කොතනද – නෝ මෑන් එතන 😛

  3. Hasitha said,

    ජූනි 2, 2010 at 7:29 ප.ව.

    මම හිතන්නේ නෝ මෑන් ගාව තිබ්බේ මෑන් අරින නාගරාජයාගේ නාග මාණික්‍ය 🙂

  4. blog gadol said,

    ජූනි 2, 2010 at 8:27 ප.ව.

    එළ කිරි සහෝ!!

  5. ජූනි 3, 2010 at 2:36 ප.ව.

    මට හිතෙන්නේ තව ටික දවසකින් නෝ මෑන් ඇවිත් බ්ලොග් ලියයි ‍වගේ.

    එයා ලියයි “මේ සිද්ධිය වුනේ නෝ මෑන් නෝ බෝයි කාලේ. හරියටම කියනවනම් නෝ මෑන් 2ක වසරෙ පන්තියට ගියා ඉතරයි. නෝ මෑන් ඉගෙන ගත්තේ ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙ.ඉතිං මොකද්දෝ හේතුවකට එදා 2ක වසරෙ හිටිය බට්ටො කුරුට්ටො එළියට දැම්මා.අළුත් යාලුවොත් එක්ක කතා කර කර ඉන්න කොට නෝ බෝයිට සිරා පොරක් සෙට් වුනා. ඒ තමා නෝ මෑන්ගෙයි ඉබ්බගෙයි ප්‍රථම හමු වීම. මම ඉතිං එයාගෙන් (ඒ කාලේ ඔයා මෙයා කියලනෙ කතා කළේ) ගෙදර විස්තර ඇහුවා. කොහෙද ගල් ඉබ්බා වගේ හිටියා මිසක් මගෙන් කිසි දෙයක් ඇහුවේ නැහැ. මට මාර කේන්තියි. ඒ පාර මම මෙහෙම කිව්වා ………………..(අවස්ථා සම්බන්ධය ඉහත කථාවේ පරිදි ම වේ)

    (වාක්‍ය කණ්ඩ අනුග්‍රහය ඉබ්බාගේ “නෝ මෑන්ගේ මැණික” ගෙනි).,

  6. Ansh Lucky Sri Jay said,

    ජූනි 8, 2010 at 9:40 ප.ව.

    LOL…! 😀

  7. harshana said,

    ජූනි 26, 2010 at 12:46 පෙ.ව.

    ibba ube batch 1 2003da, 2004da, 2005da?

  8. harshana said,

    ජූනි 26, 2010 at 12:56 පෙ.ව.

    ඉබ්බා උඹේ බැච් එක මොකක්ද? 2003? , 2004? , 2005?


හා පැටික්කි (MS) වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න